18th October 2024 07:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සදහා යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත 11 පාබල සේමු බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රීක්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාලිගාතැන්න, කිරලගොල්ල යන ලිපිනයේ පදිංචි ඒජි සුජාතා උපසේන මහත්මිය හට කැනඩාවේ පදිංචිව සිටින වින්සෙන්ට් සිංනදුරෙයි මහතාගේ පුර්ණ මුල්‍යමය දායකත්වය ඇතිව 4 ශ්‍රීලපාහ ඒකක භටපිරිස් ශ්‍රමදායකත්වය මත නිවසක් ඉදිකර දෙන ලදි.
ඒ අනුව අදාල නිවස ආසේමු (මධ්‍යම) ආඥාපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2024.10.15 දින ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් විවෘත කර නිවෙස් හිමියා වන ඒජි සුජාතා උපසේන මහත්මිය හට භාරදීම් සිදුකරන ලද අතර, මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු 2024.04.06 දින ආරම්භ කර 2024.10.14 දින වැඩ අවසන් කර ඇත. ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 4 ශ්‍රීලපාහ ඒකකය වෙතින් 00 x 07 කින් යුත් භටපිරිස් ප්රමාණයකගේ ශ්‍රමදායකත්වය ලබා දී ඇත.
මෙම උත්සව අවස්ථාව සදහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒයු කොඩිතුවක්කු RSP USP, ආසේමු (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි,ආසේමු(මධ්‍යම) බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි, 641 පාබල බසේමු බළසේනාධිපති, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, 4 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි සහ කැනඩාවේ පදිංචි වින්සෙන්ට් සින්නදුරෙයි මහතා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති, දඹුල්ල සම්පත් බැංකු කළමණාකාරතුමා, කිරළගොල්ල ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වන ලදි.