28th December 2024 16:10:16 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 දෙසැම්බර් 27 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය සිදු කරන ලදි.
25th December 2024 14:53:39 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12. 24 වන දින 11 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත වන ලදි
19th December 2024 12:34:40 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.18 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
18th December 2024 13:06:23 Hours
21 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.16 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි.
18th December 2024 10:31:44 Hours
ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය 2024.12.14 පොහොය දිනෙන් ආරම්භ වු අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ශ්‍රී සුමන සමන් දේව ප්‍රථිමාව/සධාතුක කරඩුව සහ දේවා ආභරණ ගල්පොත්තාවල පුරාණ පොත්ගුල් විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථාන උඩ මළුව දක්වා වැඩම කරවීම වෙනුවෙන් 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 02x100 කින් යුත් භටපිරිසක් සහභාගීවු අතර, ආසේමු(මධ්‍යම), 11 පාබල සේමු , 111 පාබල බසේමු, 642 පාබල බසේමු, 8 ගැහේබ වෙතින් 00 x 150 කින් යුත් භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වි උඩමළුවේ මල් සැරසීලි කිරිම සිදුකරණ ලදි.
14th December 2024 17:49:43 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 දෙසැම්බර් මස 10 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නියළෙන ලදි.
11th December 2024 17:30:48 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.09 වන දින 11 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත වන ලදි.
10th December 2024 10:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ මැදිහත්වීමෙන් යුද්ධ හමුදාවේ රාජකාරී කරනු ලබන ආර්ථික අපහසුතා ඇති යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ ජිවිත වලට ශක්තියක් හා අත්වැලක් වෙමින් සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2024.12.10 වන දින දියතලාව ගොල්ෆ් ක්‍රීඩා සන්චිතයයේදී සුදු කරන ලද අතර, ඒ සඳහා ආසේමු (මධ්‍යම) රාජකාරි නියුතු හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් 30 දෙනෙකු සහභාගිවිය.
26th November 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ මෙම බළප්‍රදේශයේ ස්ථාපිත කදවුරු තුල රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ 2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උදාර සංකල්පයකට අනුව 2024.11.25 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) දේශණ ශාලාවෙදී ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් දුවා දරුවන් 160 දෙනෙකු වෙත ප්‍රශ්නෝත්තර පොත් කටිටල හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදි.
16th November 2024 21:26:16 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණීයගේ උපදෙස් හා අධීක්ෂණයෙන් යුද්ධ හමුදාවේ රාජකාරී කරනු ලබන ආර්ථික අපහසුතා ඇති යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ ජිවිත වලට ශක්තියක් හා අත්වැලක් වෙමින් සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මුලස්ථානයේදි සිදුකල අතර, එය සංකේතවත් කරමින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දර්ශණි යහම්පත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.11.13 වන දින දියතලාව ගොල්ෆ් ක්‍රීඩා සන්චිතයයේදී හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් වෙත සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.