Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2025 14:04:17 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති සිය බලප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.03 වන දින 112 පාබල බලසේනා මුලස්ථානයේ හා 2 වන බලඇණිය ශ්‍රි ලංකා රයිෆල් බලකාය වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරිත විය.

ඒ අනුව 112 වන පාබල බලසේනා මුලස්ථානය වෙත පැමිණි ආඥාපති හට 23 විපාරේ භට පිරිස් සහභාගීත්වයෙන් සම්ප්‍රදායානුකුලව කඳවුර පසුකරයාමේ මුරයක් පුදකෙරිණී. ඉන් පසු 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී හා 112 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ ආර් කලුපහන ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව බළසේනා මේජර් විසින් ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්වය, සිදුකරනු ලබන රාජකාරින් සහ ඉදිරි සැලැස්ම් සබැඳිව ආඥාපති දැනුවත් කිරීමටත්, ආඥාපති සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටි අතර, සියළු භඨ පිරිස් ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උදෙසා යුධ හමුදාවේ වත්මන් කාර්යභාරය සහ ආරක්‍ෂක සේනා (මධ්‍යම) භඨ පිරිස් හී විනය හා පැවැත්ම සැබැඳිව උපදෙස් ලබා දෙන ලදි.

ඉන් පසුව 2 වන බලඇණිය ශ්‍රි ලංකා රයිෆල් බලකාය වෙත පැමිණි ආඥාපති හට කඳවුර පසුකරයාමේ මුරයක් පිරිනැමිමෙන් ගෞරවාචාර්ය පුදකරන ලදි. එහිදි ආඥාපති 2 වන බලඇණිය ශ්‍රි ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිය. අනතුරුව ආඥාපති සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටි අතර, සියළු භඨ පිරිස් ආමන්ත්‍රණය කරීමෙන් පසු සංචාරය නිමාවට පත්විය

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 112 වන පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරින් හා සෙසුනිලයින් පිරිසක් සහභාගිවන ලදි.