Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2025 14:35:37 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් රම්සාන් මාසය සදහා රට ඉඳි බෙදාදිමේ වැඩසටහනක් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් 2025.02.24 වන දින එළඹෙන රම්සාන් උත්සවය සඳහා ඉස්ලාම් මස්ජිතයන් වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් සිදුකරණ ලදි.

ඒ අනුව එලබෙන රම්සාන් උත්සවය සදහා හපුතලේ, දියතතලාව හා කහගොල්ල මස්ජිතයේ ප්‍රධාන පුජක තුමන් සහ ප්‍රධාන දායක සභාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති කාර්යාලයේදී රට ඉඳි කිලෝ ග්රෑම් 10 බැගින් කිලෝ ග්රෑම් 80 ක් බෙදාදෙන ලදී. මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හා නිලධාරින් සහභාගි වන ලදි.