Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th August 2023 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.12,15,16,17 යන දිනයන්හී දී සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.

2023.08.12 වන දින ආඥාපති තුමන් අස්ගිරි පාර් ශවයේ මහනායක හිමිපාණන් වන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර් ශවයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපානන් වහාන්සේ බැහැ දකින ලද අතර 2023.08.15 වන දින මල්වතු පාර් ශවයේ මහනායක හිමිපාණන් වන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර් ථ සුමංගල මහානායක මාහිමිපානන් වහාන්සේ, මල්වතු පාර් ශවයේ අනුනායක හිමිපාණන් වහන්සේලා වන දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර් ශවයේ අනුනායක හිමි හා මහා සද්දම්මජෝතික ධජ සම්මාන පණ්ඩිත ආචාර් ය සාහිත්‍යචක්‍රවර්තී ධර් මශාස්ත්‍රවිභූෂණ ස්ථවිරවංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී නියංගොඩ ධර් ම කීර් ති ශ්‍රි සංඝරක්‍ෂිත විජිතසිරි අනුනායක හිමි බැහැ දකින ලදි.

2023.08.16 වන දින ආඥාපති තුමන් මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා හමුවන ලද අතර, 2023.08.17 වන දින උදෑසන ආඥාපති තුමන් විසින් ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමන් වන නිලංග දෑල බණ්ඩාර මහතා හමුවීමෙන් අනතුරුව ශ්‍රි දළදා මාළිගාව වැඳපුදා ගනිමින් ආශිර් වාද ලබාගන්නා ලදි.