Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th January 2023 09:00:25 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 12 වන පාබල සේනාංක බලප්‍රදේශය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.01.12 සහ 13 යන දෙදින තුල 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

ආඥාපති තුමන් ඓතිහාසික වැඩිසිටි කන්ද හා කතරගම දේවාලය වැඳපුඳාගෙන ආශිර්වාද ලබාගත් අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 12 වන පාබල සේනාංක මූලස්ථානය, 121 පාබල බලසේනා මුලස්ථානය, 122 පාබල බලසේනා මුලස්ථානය, 23 ගජබා රෙජිමේන්තුව, 20 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට RWP RSP, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් එන් කුලසේකර RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.