Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2022 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 75 ක ප්‍රමාණයක් බෙදාදෙන ලදී

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ සම්බන්ධීකරනයෙන් හා මඟ පෙන්වීම මත ආර්ථික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති කහගල්ල තේවතු සමාගම අවට වෙසෙන පවුල් 75ක් සඳහා රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියලි සලාක මළු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ක්‍රිෂ්ගෝපි මහතාගේ පූර් ණ අනුග්‍රාහකත්වය මත 2022.11.05 දින බෙදාදීමට කටයුතු කරන ලදී.