Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th November 2022 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සුභසාධක වෙළඳසැලක් හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් සුභ මොහොතින් විවෘත කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු පරිශ්‍රයේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව සුභසාධක වෙළඳසැලක් හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් “CENTRAL SUPER MEAT AND VEGETEBLE MART”, “MERCURY COMPUTER AND MOBLE PHONE REPAIR MART’’ 2021.11.06 වන දින 1015 පැයට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

එම අවස්ථාව සඳහා සපැමිණි ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් නව සුභසාධක වෙළඳසැල හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැල විවෘත කල අතර, නව සුභසාධක වෙළඳසැල මඟින් පහසු මිලට එළවළු ලබා ගැනීමට හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැල මඟින් නව දුරකථන මිලදී ගැනීම, දුරකථන අළුත්වැඩියා කිරීම, දුරකථන උපාංග මිලදී ගැනීමට සිවිල් ජනයාට හා යුද්ධ හමුදා සාමාජිකයන්ට අවස්ථාව හිමිවන අතර 7 වන සංඥා බලකා රෙජිමේනතුව විසින් නව සුභසාධක වෙළඳසැල හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැල පවත්වාගෙන යනු ලබයි.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සාර්ථක අයුරින් සිදුකිරිම වෙනුවෙන් මෙම මුලය හා යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධරින් මෙන්ම 7 වන සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරී ඇතළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.