Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2022 05:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය සුභ මොහොතින් විවෘත කරන ලදි

ශ්‍රිලංකා ද්වීපයේ උතුම් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදාරතර සංකල්පයකට අනුව කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය 2022.11.05 වන දිනට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

තවද, මෙම සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය යුද්ධ හමුදා බෞද්ධ බලමණ්බලය ලබාදෙනු ලැබූ මූල්‍යමය දායකත්වය සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්,නිලධාරීනියන් හා සෙසු නිලයින්ගේ ශ්‍රම මූල්‍යමය දායකත්වයෙන්ද, දානපතියන්ගේ පරිත්‍යාගයන්ද සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා හිමි විය.

චිත්‍ර හා මූර් ති ශිල්පී පී එම් ජී රෝහණ මහතා විසින් සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය නිමවන ලද අතර 2022.11.05 වන දින උදෑසන 0545 පැයට ‍යෙඳුණු සුභ මොහොතින් මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායන මධ්‍යයේ සමාධි බුද්ධ ප්‍රථිමාවේ නේත්‍රා තැබීමෙන් අනතුරුව මහා සංඝ රත්නයේ දස නමක් වෙත උදෑසන හීල් දානය පිළිගන්වන ලදි. පසුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ අභිනවයෙන් ඉදකරන ලද විචිත්‍රවත් සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය විවෘත කරන ලදි.

එම අවස්ථාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රිඩක අර්ජුන රණතුංග මහතා, ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම හි ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබිලිවිඑස් රත්නායක එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්,ඒකක අණදෙන නිලධාරීවරුන් හා නිලධාරින්,නිලධාරීනියන් හා සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.