Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th January 2023 14:00:25 Hours

12 වන පාබල සේනාංක මූලස්ථාන බළප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුලක් හට යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් නිවසක් ඉදිකරදිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ උපදෙස් හා මග පෙන්වීම මත 121 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂනය යටතේ 18 ගැමුණු හේවා බළැඇණියේ අණදෙන නිලධාරි තුමන් ඇතුළු නිලධාරි සහ සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසක් නිමකර මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි අඩු ආදයම්ලාභි පවුලක් සඳහා භාරදෙන ලදී.

මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු නිමාවෙන් පසු 2023.01.13 වන දින ප:ව 1400 පැයට යෙදි තිබු සුභ මොහොතින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් 121 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට RWP RSP නිලධාරිගේ සහභාගිත්වයෙන් එම නිවස විවෘත කර එස් පි මාටීන් යන නිවෙස් හිම්යා වෙත භාර දෙන ලදි.