20th September 2020 22:36:17 Hours
අරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් 2020.09.20 වන දින උදැසන 0500 පැයට පමණ නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටි අතර, ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා භටපිරිස් නිරත වුහ.
20th September 2020 08:53:52 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ඖෂධ දිනය නිමිත්තෙන් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම කඳවුරේ 2020.09.17 වන දින ඖෂධ පැල රොපණ කිරීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.
20th September 2020 08:44:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ හා බණ්ඩාරවෙල දිගනතැන්න වනවගාව ප්‍රදේශයේ 2020.09.17 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 15 දෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
18th September 2020 09:32:29 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/4897 ලුතිතන් කර්නල් එච් ඩබ්ලිව් ඒ බණ්ඩාරනායක ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 14 වන දින පෙ:ව 1058 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
14th September 2020 22:56:27 Hours
“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව රාජ්‍ය අංශයට බඳවාගත් උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරම්න් ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වැඩමුළුවේ ආරම්භක දේශන 2020.09.14 වන දින මෙම මූලය යටතේ පාලනය වන පුහුණු පාසල් හීදි ආරම්භ කරන ලදි.
05th September 2020 08:49:54 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස නි/61049 බ්‍රිගේඩියර් එස්එම්එස්පීබි සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.03 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සේනාංකාධිපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
04th September 2020 11:56:05 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.02 වන දින රාජකාරි භාරදීම් සිදුකර සේනාංකාධිපති තනතුරෙන් නික්මයන ලදි.
03rd September 2020 09:24:19 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානයන්හි 2020.08.27 වන දින සිට 2020.08.29 වන දින දක්වා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.08.27 දින 0800 පැයේ සිට 1430 පැය දක්වා සිදුකරන ලදි.
03rd September 2020 09:10:08 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් ඔහිය රහන්ගල ප්‍රදේශයේ 2020.08.25 වන දින පෙ:ව 0900 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 14 දෙනෙකුගෙන් යුත් භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා සිවිල් වැසියන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
25th August 2020 07:24:07 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් මොණරාගල තම්පලාවෙල දඹගල්ල ප්‍රදේශයේ කොන්ගොල්ල කන්ද 2020.08.22 වන දින ප:ව 1230 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්ෂණිකව ක්‍රියාත්මක වූ 121 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී යු එන් සේරසිංහ ආඩබ්ලිව්පි ආරඑස්පි යන නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය මත නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයින් විසිපස්දෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.