25th August 2020 07:15:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් බුත්තල මහගොඩයාය කදුකර ප්‍රදේශයේ 2020.08.18 වන දින ප:ව 1300 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්ෂණිකව ක්‍රියාත්මක වූ 121 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී යු එන් සේරසිංහ ආඩබ්ලිව්පි ආරඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය මත එක් නිලධාරියකු සහ සෙසුනිලයින් විසිපස්දෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා බුත්තල වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා බුත්තල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
18th August 2020 20:53:56 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ වැවිඩෝන් වත්තේ පිහිටා ඇති මන්ත්‍රි ජීවන් තොන්ඩමන් මහතාගේ නිවසේ 2020.08.18 වන දින පෙ:ව 1030 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්ෂණිකව ක්‍රියාත්මක වූ 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයේ රාජකාරි නියතු 02 x 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
18th August 2020 13:06:37 Hours
18th August 2020 12:58:09 Hours
14th August 2020 09:24:09 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය මත ආකල්ප සංවර්ධනය තුලින් යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගා ගැනීමේ දේශණයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2020.08.12 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා දියතලාව ස්වේච්ඡා පුහුණු පාසැල් දේශණ ශාලාවේදී පවත්වන ලදි.
07th August 2020 09:26:02 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ 2020.08.05 වන දින ප:ව 1500 පැයට පමණ හදිසි ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රජකාරි නියතු විසිදෙදෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
02nd August 2020 13:08:40 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල කිතල්ඇල්ල ප්‍රදේශයේ අක්කර දහයක පමන භූමී ප්‍රමාණයක් 2020.08.01 වන දින ප:ව 1500 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලය සහ 112 බළසේනා මූලස්ථානයේ රාජකාරි නියතු නිලධාරි දෙදෙනෙකු හා සෙසුනිලයින් විසිනව දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
27th July 2020 17:48:03 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයට අයත් මහනුවර ශ්‍රී දළඳ මාළිගාවේ ඇසළ මහා පෙරහැර පැවැත්විමට නියමිතව ඇති බැවින් මහනුවර නගර සභා ප්‍රදේශය තුල 2020.07.18 දින 0730 පැයේ සිට 1330 පැය දක්වා ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදු කරන ලදි.
16th July 2020 20:49:31 Hours
11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වන පස්සර පැල්ගහතැන්න නිරොධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික වැසියන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.07.15 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
16th July 2020 20:44:56 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) පරිඝණක අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරි වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට අයත්, නි/66350 කපිතන් ඒ එස් වේලතන්ත්රි යන නිලධාරි 2020 ජුලි මස 16 වන දින පෙ:ව 1000 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.