Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th October 2021 19:31:28 Hours

2 වන සෙවෙච්ඡා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය වෙතින් ප්‍රතිනවීකරණය කළ රථ වහන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ මූලස්ථාන වෙත පිරිනමයි

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2 වන සෙවෙච්ඡා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය මත යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, 2 වන සෙවෙච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය විසින් නවීකරණය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක්රථ සහ බස්රථ ඇතුලු බරවාහන මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රමානි බිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරැතින් සේනාංක, බළසේනා සේනා මූලස්ථාන, පුහුණු පාසල්, ඒකකයන් වෙත 2021.10.09 වන දින පිරිනමන ලදී.