Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2021 12:16:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.11.01,02 යන දෙදින තුල සිය බලප්‍රදේශයේ පිහිටි බසේමු, ඒකක, හා විශේෂ ස්ථානයන් හී යන ස්ථානයන් වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත විය.

112 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් අනතුරුව පවතින අයහපත් කාලගුණය හමුවේ හානියට පත්වු බදුල්ල ජලසම්පාදන ආයතනය හා මහජන සෞඛ්‍ය සේවා කාර්යාලය නිරීක්‍ෂණය කල අතර, 2 ශ්‍රිලංකා රයිෆල් බලකාය, 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව, හාවාඑළිය නවතමයෙන් ඉදිවන නිවාඩු නිකේතනය, කොටගල තෙල් සංස්ථාව, 581 පාබල බලසේනා මූලස්ථානය කොටගල, විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය හා ලක්‍ෂපාන ජල විදුලි බලාගාරය, 19 ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන ඒකකයන් හා ස්ථානයන් නිරික්‍ෂණය කරන ලදි.

මෙම සංචාරය සදහා 11 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිපී ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මෙම මූල බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලි‍ව් එස් රත්නායක එන්ඩීයු, මෙම මුල බ්‍රිගේඩියර් (පාලන/භාකස) ජිකේඅයි විතානච්චි ඒටිඔ, 112 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් හා නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.