Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th October 2021 19:21:12 Hours

72 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව අසරණ පවුලකට නිවසක් අළුත්වැඩියා කර ලබා දිම

මෙම ආසේමු බල ප්‍රදේශයට අයත් දාගම්පිටිය, කැළණිගම, ගිණිගත්හේන යන ලිපිනයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මත ඉතා අසරණ තත්වයේ ජිවත් වන සමෘද්ධි ලාභි ඵන් කේ ජි මංගලා කුමාරි නුගලියද්ද යන කාන්තාව හට එම ප්‍රදේශයේ පරිත්‍යාගශිලින්ගේ මුලික ධන පරිත්‍යාගයෙන් 19 ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් අළුත් වැඩියා කටයුතු සිදු කරන ලද නිවස 2021.10.10 වන දින 72 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව විවෘත කිරිමට කරන ලදි.

ඒ අනුව අදාල නිවස 2021.10.10 වන දින 1030 පැයට යෙදි තිබු සුභ මොහොතින් 112 පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩි ඵ් කේ දිසානායක ඩබ්ලිව්ඩබිලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්ඵස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කර ඵන්කේජි මංගලා කුමාරි නුගලියද්ද මහත්මිය වෙත භාරදෙන ලදී.