27th October 2020 20:27:14 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍ර ශාඛාවේ නව කර්නල් (සම්බන්ධීකරණ) නිලධාරී වශයෙන් ශ්‍රි ලංකා ගැමුණු හේවා බලකායට අයත්, නි/62446 කර්නල් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් එන් ඩී බී වීරකෝන් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ඔක්තෝබර් මස 26 වන දින පෙ:ව 0720 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th October 2020 09:28:06 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල නෝර්වුඩ් කඳුකර ප්‍රදේශයේ 2020.10.13 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.
13th October 2020 14:13:13 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල වංගෙඩිගල කඳුකර ප්‍රදේශයේ 2020.10.12 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.
04th October 2020 10:16:20 Hours
ලෝක ළමා දිනය නිමිතිකොට ගෙන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන පාබල සේනාංක මුලස්ථාන හා පාබල බලසේනා මුලස්ථානයන් විසින් වැඩසටහන් මාලාවක් කුඹුක්කන, කාවන්තිස්සපුර,වැල්ලවාය, හම්බන්තොට ප්‍රදේශවල පෙරපාසල් කිහිපයක 2020.10.01 දින පවත්වන ලදි.
02nd October 2020 21:01:14 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන බදුල්ල, හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයෙන් 2020.09.25 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් වන අලින් ගම් වැදීම හේතුවෙන් හානියට පත් නිවසක් නිරීක්ෂණය කල අතර එම නිවස වෙනුවට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් කඩිනමින් ඉදිකර දීමට උපදෙස් ලබාදෙන ලදි.
02nd October 2020 20:40:37 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් බ්‍රිගේඩියර් ටී එම් ජී ජී එස් තෙන්නකෝන් ආර්ඩබ්ලිව්පී (නි/61939) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 සැප්තැම්බර් මස 30 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
29th September 2020 20:51:14 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව සමුද්‍රීය පරිසර සතිය නිමිත්තෙන් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මත 2020.09.21 වන දින දවස පුරා හම්බන්තොට වෙරළ උද්‍යාන මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.
29th September 2020 20:45:02 Hours
බුජ්ජෝමුව දුම්රිය ස්ථානය බෝසත් සමාජ සත්කාර සංවර්ධන පදනම මඟින් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන පිරිත් පිංකම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන් විසින් 2020.09.25 වන දින උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත භඨ පිරිසක් සහභාගි කරවා එම පුන්‍යමය කටයුත්ත සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදි.
27th September 2020 09:47:10 Hours
බ/දියතලාව මධ්‍ය මහ විද්‍යාලීය ආචාර මණ්ඩලය විසින් 09 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුරක් 2020.09.25 දින 0830 පැයේ සිට 1530 පැය දක්වා එම විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.
24th September 2020 16:35:37 Hours