Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2021 15:56:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල කොවිඩ් 19 මර්ධන එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශ‌යට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කය ආවර්ණය වන පරිදි තංගල්ල, අම්බලන්තොට සහ තිස්සමහාරාමය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ්‍යවල 2021.09.02 දින ෆයිසර් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ 23 ගජබා රෙජිමේන්තුව සහ 3 ශ්‍රීලංජාආබමූ ඒකකයන් හි භඨපිරිස් මෙන්ම යුධ හමුදා වෛද්‍ය බලකායේ භඨපිරිස්ගේ සහභාගිත්වයෙන් එන්නත්කරණ වැඩසටහන සිදුකරන ලදි.