Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2021 16:30:03 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මොණරාගල - කුඹුක්කන, දෙගල්අරඹ රක්‍ෂිතයේ දෙගල්අරඹ කන්දේ සහ මහගොඩයාය ප්‍රදේශයේ 2021.09.12 වන දින හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩීයූඑන් සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 121 පාබල බලසේනා මූලස්ථානයේ රාජකාරි නියතු එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් පහලෝස් දෙනෙකු‍‍ගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.