Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st September 2021 08:45:13 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මොණරාගල - මදුරුකැටිය රක්‍ෂිතයේ ප්‍රදේශයේ 2021.09.16 වන දින හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 12 වන පාබල සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති බ්‍රිගේඩියර් පීකේඩබ්ඩබ් එම්ජේඑස්බීඩබ් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 121 පාබල බලසේනා මූලස්ථානයේ රාජකාරි නියතු එක් නිලධාරියෙතු සහ සෙසුනිලයින් පහලෝස් දෙනෙකු‍‍ගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.