Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th August 2021 11:37:12 Hours

කොවිඩ් 19 වැළදුන රෝගින් සඳහා පරිත්‍යාග භාණ්ඩ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙත ලබා දෙන ලදී

බණ්ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජාතික යොවුන් සේනාංක අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන කොරෝනා වෛරසය වැළදුන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ පළාත් ගොඩනැගිලි සැලසුම් ඉංජිනේරු වන එච්එම් ජයරත්න මහතා විසින් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් සීනී , කොත්තමල්ලී, ක්‍රීම්ක්‍රැකර් බිස්කට් හා මුඛ ආවරණ ප්‍රමාණයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත 2021.08.29 දින ලබාදෙන ලදී.

එම පරිත්‍යාග භාණ්ඩ ආඥාපති ආසේමු (මධ්‍යම) මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි ප්‍රථීකාර මධ්‍යස්ථානයේ රාජකාරි භාරව කටයුතු කරනු ලබන වෛද්‍ය ඕ එල් පලිහක්කාර ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත මෙම ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් භාරදී ඇත.