Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd November 2021 12:31:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 12 පාබල සේනාංකය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.26.27 සහ 28 තෙදින තුල වැඩසිට් කන්ද, කිරිවෙහෙර හා කතරගම දේවාලය වැඳපුදා ගනිමින් 12 පාබල සේමු, 122 පාබල බසේමු වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

ආඥාපති තුමන් ඓතිහාසික වැඩසිට් කන්ද, කිරිවෙහෙර හා කතරගම දේවාලය වැඳපුඳාගෙන ආශිර්වාද ලබාගත් අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 12 වන පාබල සේනාංක මූලස්ථානය නිරික්‍ෂණ සංචාරයක නියලුණු අතර, 18 ගැමුණු හේවා ඒකකයෙහි භටපිරිස් සහාභගිත්වයෙන් කදවුරු සමිමාන මුරයක් ආඥාපති තුමන් හට පිරීනැමිමෙන් පසු කදවුරු භුමිය තුල අඹ පැලයක් රෝපණයකර භඨ පිරිස් අමතන ලදි. ඉන් අනතුරුව 122 පාබල බලසේනා මුලස්ථානය යන ස්ථානයන්හී නිරීක්‍ෂණට ලක් කිරීමෙන් පසු සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රි‍ගේඩියර් ඩී යූ එන් සේරසිංහ ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජෙ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.