Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2021 11:17:46 Hours

11 පාබල බළසේනා මූලස්ථානය ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවත්වයි

1 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කාර්යාල බළප්‍රදේශයට අයත් පින්නගොල්ල, සිංහාරාගම සහ දුල්මුරෙ ග්‍රාමසේවා වසම්හි දිලිදු ජනතාව වෙනුවෙන් වියලි සලාක, රෝද පුටු බෙදා දිමේ වැඩසටහනක් මහනුවර ත්‍රිත්ව විද්‍යලීය ආදි ශිෂ‍්‍ය සංගමයේ සංවිධානය ඇතිව 2021.10.03 වන දින පවත්වන ලදී.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන ස‍ඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ත්‍රිත්ව විද්‍යලීය ආදි ශිෂ‍්‍ය සංගමයේ ටිකිරි කොබ්බෑකඩුව මහතා, ශ්‍රි ලංකා පිලිකා සංගමය මහනුවර ශාඛවේ අධ්‍යක්‍ෂ මොහොන් සමරනායක මහතා මෙම අවස්තාව සඳහා සහාභගී වන ලදි.