Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th October 2021 11:24:07 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති නවතමයෙන් ඉදිවන පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල නිරික්‍ෂණය කිරිම

දින ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගනිමින් ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තුමන්ව හමුවන ලදී. පසු දින 2021.10.24 දින අස්ගිරි සහ මල්වතු හිමිපාණන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 11 වන පාබල සේනාංක මූලස්ථානයහි නවතමයෙන් ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහල වෙත නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි. තවද මධ්‍යම පළාත් අන්ඩුකාර තුමන් හමුවන ලදි

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 111 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් ආර් බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී, 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ‍ පිරිසක්ද සහභාගිවන ලදි.