19th February 2021 08:34:58 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන මීමුරේ, ග්‍රාමයෙන් 2021.02.14 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ තවත් අදියරක් ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ පවතින අඩුපාඩුවක්ව පැවති දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හා පාසල් ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරීමට යුද්ධ හමුදාව වෙත උපදෙස් ලබාදෙන ලදි.
19th February 2021 08:21:25 Hours
ආරක්ෂක මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා භටයින් සහ 112 වන පාබල බලසේනාවේ භටපිරිස් අඛණඩව තෙවැනි දිනටත් අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ මෙහෙයුම් දියත් කළහ.
18th February 2021 20:21:08 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම කල්ලිවැව රක්ෂිතයේ 121 වන පාබල බලසේනාව යටතේ පාලන වන 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙහ්න්තුවේ භටපිරිස් හා පොලීසිය සමඟ 2021.02.11 වන දින සිදුකරන ලද මෙහෙයුමකදී නීතිවිරෝධි ගංජා හේනක් වටලන ලදි.
18th February 2021 20:06:38 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන් 2021.02.11 වන දින මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ අතර, ඒ වෙනුවෙන් 2020.02.11 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයෙදී පිළිගැනීමේ උත්සවයක් සිදු කරන ලදි.
11th February 2021 19:55:46 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක මුලස්ථානය 73 වන ජාතික නිදහස් දිනය 2021.02.04 වන දින උදෑසන කාලයේදි වැඩසටහන් මාලාවක් පවත්වා මහත් අභිමානයෙන් යුතුව සමරන ලදි.
03rd February 2021 21:29:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සිවිල් සම්බන්ධිකරන නිළධාරි වශයෙන් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවට අයත් නි/3592 ලුතිතන් කර්නල් ඩි ආර් ඩි කේ කොහෝඹන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 ජනවාරි මස 26 වන දින පෙ:ව 0832 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
03rd February 2021 21:12:30 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස නි/61159 බ්‍රිගේඩියර් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.01.20 වන දින පෙව 0937 පැයට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සේනාංකාධිපති තුමන් තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
27th January 2021 13:29:39 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි භකාස ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි I (භකාස) වශයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් නි/62853 ලුතිතන් කර්නල් කේ ජි පි කේ කරුණාරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 22 වන දින පෙ:ව 0842 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
25th January 2021 15:45:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නි/62913 කර්නල් එස් පි වික්‍රමසේකර ආර්එස්පී යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 21 වන දින පෙ:ව 1055 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
25th January 2021 15:32:20 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී/යුද්ධ හමුදාධිපති තුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය 2020.12.18 දින දියතලාව නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ සංචාරයක නිරතවු අතර, එම අවස්තාවේදි ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මියගේ සංකල්පයකට අනුව දියතලාව යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ අලංකාර කිරිම සඳහා හයිඩිංචියා මල් වගාව රෝපණය කිරිමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ හේලිස් ඇග්රිකල්චර් පුද්ගලික සමාගම මඟින් සංවිධානය කරනු ලබන “හයිඩිංචියා මල් වගාව” හදුන්වා දීමේ වැඩ සටහනක් 2021.01.19 වන දින දියතලාව නවතමයෙන් ඉදිකරනු ලබන යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ පවත්වන ලදී.