05th July 2020 21:08:29 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) මඟින් පවත්වාගෙන යනු ලබන රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් අතුරෙන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.07.02 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
04th July 2020 19:34:56 Hours
11 වන සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත හා පූර්ණ අධීක්ෂණය යටතේ මහනුවර මහරෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුවේ සම්බන්ධතාවයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2020.07.01 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා 11 වන සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.
02nd July 2020 21:53:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රි ලංකා පාබල හමුදාවට අයත් නි/62588 කර්නල් එස් ඒ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 ජුලි මස 01 වන දින පෙ:ව 1030 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
27th June 2020 11:22:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනංක බළප්‍රදේශයට අයත් ගිනිගත්හේන නගරය අවට හා මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව හා මහකන්ද යන ප්‍රදේශයන්හි ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.25 දින 0900 පැයේ සිට 1500 පැය දක්වා සිදුකරන ලදි.
22nd June 2020 08:49:42 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ ප්‍රදේශයේ 2020.06.20 වන දින පව 1900 පැයට පමණ හදිසි ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 02 x 25 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
22nd June 2020 08:37:52 Hours
ආරක්ෂකසේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් නුවරඑළිය හා හැටන් දික්යඔය යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව හා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ඒකකයන් වෙතින් 2020.06.19 සහ 20 යන දෙදින තුල පෙව 0900 පැයේ සිට පව 1500 පැය දක්වා සිදුකරන ලදි.
20th June 2020 07:35:34 Hours
දියතලාව යුද්ධ හමුදා රෝහල මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශ සහ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.18 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
19th June 2020 17:56:28 Hours
ආරක්ෂක සේනා මූූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනංක බලප්‍රදේශයට අයත් කඩදොර, මාවෙල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.16 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.
14th June 2020 22:17:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දෝව මහවංගුව ප්‍රදේශයේ 2020.06.13 වන දින පව 1400 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර,එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01x30 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා ගුවන් හමුදා 01x24 භඨපිරිසකගේ සහයෝගය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
14th June 2020 18:10:03 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් දොඩම්වල, මුරුතලාව, මහකන්ද, සහ කෙන්ගල්ල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.13 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.