20th May 2022 10:15:59 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත 2022 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අඩු ආදායම්ලාභී අසරණ ජනයාගේ ජීවිකාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1400 කට රුපියල් මිලියන 2.25 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වන (සහල්,පරිප්පු,පොල්,ලුණු,සෝයා මීට්) වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් පවුල් 1400 ක සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ Tan Ngak Bauy & Kee Meng lang Foundation Limited (Singapore) පූර්ණ අනුග්‍රාහකත්වයෙන් 2022.05.20 වන දින බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සුබෝධාරාමයේදී ආරක්ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
18th May 2022 09:35:45 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරනයෙන් හා මඟපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි අනුක් ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රාහකත්වයෙන් හපුතලේ ගෝනමටාව බ/චන්ද්රෙස්ගරන් දෙමල විද්‍යාලයේදී
15th May 2022 18:00:49 Hours
15th May 2022 10:54:14 Hours
2022.05.15 වන දිනට යෙදි තිබු වෙසක් උත්සයට සමගාමිව 7 ශ්‍රිලංසංබ ඒකකය වෙතින් සිසිල් පැන් දන්සලක් පවත්වන ලද අතර ප්‍රදේශවාසින් රාශියක් එම අවශ්‍යතාවය සදහා සහභාගි වන ලදි.
04th May 2022 17:12:39 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත්, නි/61682 බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 අප්‍රේල් මස 26 වන දින පෙ:ව 10.33 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
04th May 2022 17:02:22 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 12 පාබල සේනාංකයේ සෙනින් විසින් ප්‍රාදේශියව සොයාගත් අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන ලද කොම්පොස්ට් පොහොර ටොන් 23ක ප්‍රමාණයක් ශ්‍රිලංකා ලක් පොහොර සාමාගමේ නියෝජිතයින් වෙත 2022.04.04 වන දින 12 වන පාබල සේනාංනක මූලස්ථානයේදි භාර දෙන ලදී.
04th May 2022 16:46:09 Hours
හම්බන්තොට නගරවැව ස්ථානගත 12 වන පාබල සේනාංකයේ 11 වන සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සේනාංකයේ සියළුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් සේනාංක මූලස්ථානයේදි, සේනාංක දිනය 2022.04.02 දින පවත්වන ලදී.
16th March 2022 16:57:15 Hours
20th February 2022 15:23:37 Hours
2022.02.17 වන දින පැරකුම් ගොවි සංවිධානයේ නිරීක්ෂණ සංචාරය අතිගරු ජනාධිපති තුමන්ගේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක කාබනික කෘෂිකර්මාන්තය යථාවත් කිරීම යුද්ධ හමුදාධිපත් තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත යුධ හමුදාව මගින් දිවයිනේ කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවි මහත්ම/මහත්මීන් දිරිගැන්වීම සඳහා කඳවුර අවට ප්‍රදේශයන්හී පදිංචි කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි පවුල් දිරිගැන්වීම සහ උපදෙස් ලබාදීම සඳහා ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 2022.02.17 වන දින මෙම ආරක්ෂක සේනා මූලස්ථානයේ හරිත කෘෂී කර්මාන්තය පිළිබද භාරව කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් (සම්බන්ධිකරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම ගොවි සංවිධානයේ සාමාජිකයින් සමඟ විවෘත පිළිසඳරක නිරත වූහ.
11th February 2022 10:14:34 Hours
74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) කඳවුර ස්ථාපිත ප්‍රදේශයට ආසන්නව පිහිටි හපුතලේ දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබාගන්නා රෝගින් වෙනුවෙන් දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2022.02.04 වන දින පවත්වන ලදී.