Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2023 09:00:00 Hours

111 වන පාබල බළසේනා මූලස්ථානය 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි

111 වන පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්ආර්බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 2023.01.30 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

එහිදී 2023.01.23 වන දින පිහිබියාහේන වැඩිහිට නිවාසය පිරිසිදු කිරිම් කටයුතු සිදු කිරීමෙන් පසුව 2023.01.24 වන දින වැඩිහිටි නිවාසයෙහි නේවාසිකව සිටින සියළුම මව්වරුන් සහ පියවරුන් වෙනුවෙන් උදා තේ පානය සහ දහවල් ආහාරය ලබාදි අනෙකුත් දෛනික අවශ්‍යතා ලබාදිම සහ අවසානයේ ඔවුන් සමග සංගිතාත්මක ආශ්වාදයක් ලබාදි ඔවුන් දිරිමත් කරන ලදි. 2023.01.25 වන දින 111 පාබල බළසේනා මුලස්ථානයේ ඉදිරි අභිවෘධීය වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟාවේදී කිරි ආහාර පුජාකිරිම සහ සතර මහ දේවාලයන් වෙත පුදපුජා පවත්වා එදින සන්ද්‍යා කාලයේ උත්කර්ෂවත් පෙරහැරක් පවත්වා කප්රුක් පූජාවක් සහ සෙත්පිරිත් දේශනයක් පවත්වා ආශිර්වාදය ලබා ගන්නා ලද අතර, 2023.01.26 වන දින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධින් වහන්සේට සහ රුවන්වැලි මහ රජුන් වෙත පුදපුජා පවත්වා රුදුරු තුස්තවාදීන්ට එරෙහිව යුද වැද මෙම ධරණීතලය අනාගත පරපුරට නිදහස් කරදීමට තම කාය දානය ලබාදුන් සැමට නිවන් සුව ප්‍රාර්ථනා කිරිමටත්, යුද්ධය හේතුවෙන් රණක්‍ෂිතයට පත් නිලධාරි, සෙසුනිළයින් සහ සිවිල් සේවක මහතුන් සදහා ආශිර්වාදය ලබා ගන්නා ලදි.

2023.01.30 වන දින බළසේනාධිපති තුමන් වෙත සම්මාන මුරයක් පවත්වා සියළුම නිලයින්ගේ සහභාගිත්වයෙන් සමුහ ඡායා රූපයක් ලබා ගැනිමෙන් පසු සියළුම නිල දිවා භෝජන සංග්‍රාහය පැවැත්වු අතර සන්ද්‍යා කාලයෙදී සෙසුනිලයින්ගේ සුහදත්වය වර්ධණය කිරිම සදහා අධි රිද්ම සංගිත කණ්ඩායමක් සහ ජනප්‍රිය නර්ථන කණ්ඩායමක සහභාගිත්වයෙන් සංගිත ප්‍රසංගයක් පවත්වා වැඩසටහන් මාලාව නිමාවට පත්කරන ලදි.