Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th August 2022 08:05:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත්, කර්නල් එච් පී එන් පරාක්‍රමවංශ ආර්එස්පී යූඑස්පී (නි/63183) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 අගෝස්තු මස 06 වන දින පෙ:ව 0805 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සඳහා (පාලන/ භකාස) ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් (පාලන/ භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.