Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th September 2022 10:23:40 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) කඳවුරේ නවතමයෙන් ඉදිකරනු ලබන බුද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ආසේමු කඳවුරේ බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට ක‍ටයුතු සැලසුම් කරන ලදි. ඒ අනුව 2022.09.05 දින 1023 පැයට යෙදුනු සුභ මොහොතින් බුද්ධ මන්දිරයේ මුල්ගල තැබීමේ උත්සවය පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ බ්‍රිගේඩියර් (ප්‍රමානි) ඩබ්ලිව් එම් එස් සි‍ කේ වණසිංහ ආර්එස්පී යුඑස්පී, බ්‍රිගේඩියර් (පාලන/භාකස) එස් ඒ එස් එන් නානුමිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගිවන ලදි.