Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th September 2022 09:00:40 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.06 දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුර සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා‍යේ අණදෙන නිලධාරි තුමන් විසින් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව ඒකක‍යෙහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් අමතා අනතුරුව තේ පැන් සංග්‍රහයකට සහභාගි වී සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කර සංචාරය නිමාවට පත් කරන ලදී.