Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th August 2022 19:00:40 Hours

ඓතිහාසික රුහුණූ මහ කතරගම දේවාලයේ පැවති ඇසළ පෙරහැර

‍‍‍ඓතිහාසික රුහුණූ මහ කතරගම දේවාලයේ පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර චාරිත්‍රානුකූලව සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 2022.08.11 වන දින දක්වා සිදු කරන ලදි.

‍‍‍එහිදී ඇසළ මහා පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුල ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 12 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධීක්‍ෂණය යටතේ මෙම මූල බල ප්‍රදේශයට අයත් ඒකකයන් හී භටපිරිස් සහභාගිත්වයෙන් එහි ආරක්‍ෂාව හා පරිපාලන කටයුතු සඳහා සඳහා විශේෂ රාජකාරි රැසක් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් / නිලධාරීන් පිරිසක් සහභාගිවන ලදි.