Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd August 2022 08:45:40 Hours

දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි නුවරඑළිය හැටන් වෙත දිවෙන මාර්ගයේ බ්ලැක්‍ෆූල් පුදේශයේ 2022.08.03 වන දින ප:ව 0845 පැයට පමණ මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසු නිළයින් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මාර්ගය යතා තත්වයට පත්කරන ලදි