Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2022 09:00:40 Hours

හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල්වරයා 12 වන පාබල සේනාංකයේ සංචාරය කරන ලදි.

ආරක්‍ෂක සේනා මධ්‍යම බල ප්‍රදේශය‍ට අයත් 12 වන පාබල සේනාංකයේ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් පිආර් ඩිපින් ඇතුළු ධූත කාර්ය මණ්ඩලය 2022 අගෝස්තු මස 04 වන දින පෙරවරුවේ 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදි.

එහිදී එම දූත පිරිස සාදරයෙන් පිළිගත් 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් අතර සුහද හමුවක් පැවැත්වු අතර, දැනට බල ප්‍රදේශය‍ තුල පවතින ආරක්‍ෂක තත්වය, ඇතිවිය හැකි තර්ජන, සාමානය ජනයාට පවතින දුෂ්කරතාවයන් හා අත්‍යවශය සේවා පවත්වාගෙන යන ආකාරය සබැදිව පැහැදිළි කරන ලදි. අනතුරුව කරන ලදී. කොන්සියුලර් ජෙනරාල්වරයා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ කාර්ය භාර්ය ඇගයීමට ලක්කර ඒ පිළිබඳව සමරු සටහන් පොතෙහි සටහන් තබන ලදි.