Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th August 2022 09:00:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රමානි 1 (ක්‍රියා) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රමානි 1 (ක්‍රියා) තනතුර වශයෙන් ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවට අයත්, නි/ 64095 ලුතිතන් කර්නල් එන්ආර්එම් ද සිල්වා පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 අගෝස්තු මස 18 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා ප්‍ර ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.