Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2022 08:45:40 Hours

11 වන පාබල සේනාංකයේ සෙසු නිලයින් සදහා නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදි.

11 වන පාබල සේනාංකයේ සෙසු නිලයින් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට යෝජිතව ඇති අතර එහි මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2022.06.22 වන දින 0845 පැයට 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් කේ සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් මුල්ගල් තැබීමේ කටයුතු සිදුකරන ලදි.

තවද, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදු කරන ලදී.