Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th June 2022 09:00:40 Hours

තිස්සමහාරාමය අඩු ආදායම් ලාභී පවුලක් වෙත නව නිවසක් ඉදිකර භාරදිමේ වැඩසටහනක් පවත්වන ලදි

12 පාබල සේමු යටතේ ඇති 122 පාබල බසේමු බළප්‍රදේශයට අයත් අඩු ආදායම් ලාභී පවුලක් වන අංක - 174, කුරුකූඹියකන්ද, කාවන්තිස්සපුර, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි එස්එච් සුවඳරත්න මහතා හට නව නිවසක් ඉදිකර භාරදිමේ කටයුතු 2022.06.19 වන දින සිදු කරන ලදි.

මෙම ප්‍රජා සත්කාරය සඳහා ඓතිහාසික කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමන්ගේ අනුග්‍රාහකත්වයෙන් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ සම්බන්ධීකරණයෙන් හා මග පෙන්වීම යටතේ 122 පාබල බසේමූ බලසේනාධිපති බ්‍රිගේඩියර් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්පී ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ අධික්‍ෂණය යටතේ 3 ශ්‍රීලංජාආබමූ ඒකකයේ භට පිරිස් විසින් සිදුකරන ලදී.