Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th October 2021 19:08:31 Hours

සඳහිරෑසැය ස්ථුප‍යේ පැලඳවිමට නියමිත කොත් වහන්සේ සහ චූඩා මාණික්ක්‍ය 12 පාබල සේමු බළ ප්‍රදේශය තුල ප්‍රදර්ශණය කිරීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මෙජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ උපදෙස් මත 12 වන පාබල සේනංකයේ සේනාංකාධිපති තුමාගේ අධීක්‍ෂණය යටතේ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සඳහිරු සෑය ස්ථූපයේ පැළඳවීමට නියමිත කොත් වහන්සේ සහ චුඩා මාණික්‍ය 2021.10.04 වන දින සිට 2021.10.07 වන දින දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබූ අතර, එයට සමගාමීව 2021.10.06 වන දින කොත් වහන්සේ සහ චුඩා මාණික්‍ය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික් මහජනතාවට ප්‍රදර්ශනය කරන ලදි.

තවද, කොත් වහන්සේ සහ චුඩා මාණික්‍ය මහජනතාවට ප්‍රදර්ශනය කිරිම 12 වන පාබල සේනංකයේ සේනංකාධිපති මෙජර් ජෙනරල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 121 වන පාබල බසේමු හා යටත්ව ඇති 20 ශ්‍රිලංසිරෙ ඒකකයන්හි භඨපිරිස් විසින් ඉතා සාර්ථකව හා උත්කර්ශවත් අන්දමින් සිදුකල අතර 2021.10.07 වන දින පෙරවරුවේදී කොත් වහන්සේ සහ චුඩා මාණික්‍ය 11 වන පාබල සේනාංක බල ප්‍රදේශයට අයත් 3 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිළධාරී වෙත භාරදෙන ලදි.