Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th January 2022 08:16:07 Hours

“පහට පහක් 2021” 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පෙරහුරු ප්‍රශ්ණපත්‍ර කට්ටල ප්‍රධානය කිරීමේ වැඩසටහන් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් වලපනේ, අගුණකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර අධ්‍යාපන කොට්ඨාශය ආවරණය වන පරිදි මාර්ගගත අධ්‍යාපනය අහිමි වූ දරුවන් ඇතුළු දුෂ්කර පාසල් හී අධ්‍යන කටයුතු කරනු ලබන දරු දැරියන් සඳහා සවියක් වශයෙන් “පහට පහක් 2021” යන තේමාව යටතේ එළඹෙන ශිෂ්‍යත්ව විභාගය කේන්ද්‍රකොට ඉලක්කගත අනුමාන ප්‍රශ්නපත්‍ර කට්ටල 2400 ක් ප්‍රධානය කිරීමේ වැඩසටහන් ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් ද සිල්වා අර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් හා මග පෙන්වීම මත 2022.01.11, සහ 12 යන දෙදින තුල එම ප්‍රදේශයන්හීදී ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී.