Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st December 2021 15:22:39 Hours

අඩු ආදයම්ලාභී දිළිඳු පවුල්වල් 100 ක් සඳහා සලාක ම‍ළු 12 වන පාබල සේනාංකය විසින් බෙදා දෙන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශය තුල පිහිටි තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියනෙතුගම අන්ධ ගම්මානය හා ජූල්පල්ලම ගම්මානයේ සියලු ජාතීන් නියෝජනය වන පරිදි අඩු ආදයම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුත් දිළිඳු පවුල් හී ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් පවුල් 100 ක් සඳහා සලාක මළු 100 ක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 12 වන පාබල සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් ඒ ඩී පි රණවක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ සම්බන්ධිකරණයෙන් ධානපති සරත් කළුපහන මහතාගේ ධන පරිත්‍යාගයෙන් 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පීකේඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි යන නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021.12.04 වන දින එම සලාක මළු බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච් වයි ශ්‍රිමාල් යන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයි පිරිසක් පිරිසක් සහභාගි වන ලදි.