Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th November 2021 15:52:04 Hours

10 වන ගජබා රෙජිමේන්තුව ඒකක ශ්‍රම දායකත්වයෙන් දිලිඳු පවුලකට නව නිවසක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 10 වන ගාජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසු නිලයිගේ ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබු නව නිසක් 2021.10.23 වන දින පන්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බැද්දේගම ග්‍රාමසේවා වසමේ පදිංචි චාලට් වෙලාරත්න යන සිවිල් මහත්මිය හට 111 පාබල බලසේනාධි පති බ්‍රිගේඩියර් ටීඑම්ආර්බී රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරැතින් පිරිනමන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා 10 වන ගජබා රෙජිමේන්තුවෙ අණදෙන නිලධාරි එජෙඑස් අබේනායක අර්එස්පී යන නිලධාරි තුමන් සහ නිලධාරි/සෙසුනිලයින් ගම් වැසියන් පිරිසක් සහභාගි වන ලදී.