Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th November 2021 19:46:50 Hours

අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුරෙන් යටවු ප්‍රදේශයන්වල යුද්ධ හමුදා දායකත්වයෙන් සුද්ධ පවිත්‍ර කිරිම සහ සිවිල් ජනතාව වෙත සහන සැලසිම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ 2021.10.29 දින අධික වාර්ෂාව හේතුවෙන් නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම් හමුවේ සිවිල් ජනතාවගේ නිවාස හා රාජ්‍ය ආයතනයන් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇති අතර, එම ස්ථානයන් හි ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිම, සුද්ද පව්ත්‍ර කිරිම් කටයුතු සිදු කිරිම මෙන්ම සිව්ල් ජනතාව වෙත සහන සැලසිම හා රාජ්‍ය ආයතන නිසි පරිදි පවත්වා‍ගෙන යාම සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික්ෂණය යටතේ 112 පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 04x95 ක් 2021.10.30 දින සදහන් ස්ථානයන් වෙත සභාගි වි ඇතිවි තිබු තත්වය පාලනය කරන ලදි. අ. බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානය ආ. බදුල්ල ජලසම්පාදන ආයතනය ඇ. බදුල්ල දෙහියන්‍වල ප්‍රදේශය ඈ. බදුල්ල මහජන සෞඛ්‍ය සේවා කාර්යාලය ඉ. පස්සර සුමනතිස්සගම ප්‍රදේශය