Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd December 2021 15:45:29 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පී එස් කේ සංජිව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.12.16 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනැමු අතර, පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 11 පාබල සේනාංකයේ හා එම සේනාංකය යටතේ පාලනය වන පාබල බලසේනා මූලස්ථාන සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසුනිළයින් හට සේනාංකාධිපති තුමන් විසින් භඨ පිරිස් අමතන ලදි.