Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st December 2021 15:29:19 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් නි/63250 කර්නල් එම් ජෙ උබේසේකර ආර්එස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 දෙසැම්බර් මස 20 වන දින පෙ:ව 1000 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළුදිවයිනේ විවිධස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින්හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.