2026-03-13
සුබසාධක අධ්යක්ෂ මණ්ඩලය විසින් 2024 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ හමුදා නිලධාරීන්ගේ දරුවන් ඇගයීම සඳහා ලැප්ටොප් පරිත්‍යාග කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුනි. ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා වැඩිදියුණු කළ ප්‍රවේශයක් ලබා දීමෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින් මෙම උත්සවය පවත්වන ලදී.
2026-02-20
CIB ආයතනය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව විශේෂ වට්ටම් ප්‍රතිශතයක් (10%) යටතේ 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සක්‍රීය සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා ඇගළුම් නිශ්පාදන හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණ දිවයින පුරා පිහිටි CIB සියලුම ශාඛාවන් වෙතින් මිළදී ගැනීම සඳහා මෙම වසරේදීද සුභසාධක අධ්යක්ෂ මණ්ඩලය වෙතින් විශේෂ සුභසාධක ව්‍යාපෘතියක් වශයෙන් සැලසුම් කර ඇත.
2026-02-13
2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සක්‍රීය සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා විශේෂ වට්ටම් ප්‍රතිශතයක් (10%) යටතේ ASB Fashion ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ඇගළුම් නිශ්පාදන හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණ දිවයින පුරා පිහිටි ASB Fashion සියලුම ශාඛාවන් වෙතින් මිළදී ගැනීම සඳහා මෙම වසරේදීද සුභසාධක අධ්යක්ෂ මණ්ඩලය වෙතින් විශේෂ සුභසාධක ව්‍යාපෘතියක් වශයෙන් සැලසුම් කර ඇත.
2026-01-30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී යන ජේෂ්ඨ නිලධාරි නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, විධායක ජෙනරාල් ශාඛාව යටතේ පාලනය වන අධ්‍යක්ෂක මණ්ඩල නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් 2026 ජනවාරි මස 30 වන දින සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සංචාරය කරන ලදී. එහිදී සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ සුභසාධක අධ්‍යක්ෂක තුමන් හමුවන ලදී. විධායක ජෙනරාල් තුමාගේ සංචාරය සනිටුහන් කරමින් සමරු සටහන් පොතෙහි සමරු සටහනක්ද තබන ලදී.
2026-01-26
සුවසහන අංශය මගින් යුධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ඉටු කරනු ලබන සේවාවන් සහ එම සේවාවන් ලබා ගන්නා ක්‍රමවේදයන් පිළිබද සියළුම රෙජිමේන්තු දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 ජනවාරි මස 26 දින මෙම අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
2026-01-08
බ්‍රිගේඩියර් ආර්එම්සී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජේෂ්ඨ නිලධාරි විසින් 2025 දෙසැම්බර් මස 11 දින සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ සුභසාධක අධ්යක්ෂ තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, සුභසාධක අධ්යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන ආයතන නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් 2026 ජනවාරි මස 08 වන දින කතරගම නිවාඩු නිකේතනය වෙත සංචාරය කරන ලදී. ඉන් අනතුරුව එම ස්ථානීය නිරීක්ෂණ කටයුතු සිදු කල අතර වන්දනා කරුවන් ලැගුම් ගන්නා ස්ථාන තුල පවතින තත්වය පරීක්ෂා කරණ ලදී.
2025-12-11
2025 දෙසැම්බර් 11 වන දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 41 වන අධ්යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.