Header Sinhala

යුද්ධ හමුදා සුබසාධක වෙළඳසැල් සම්බන්ධීකරණ අංශය

කාර්‍යභාරය

  • සියලුම වෙළඳසැල්වල පාලන කටයුතු සම්බන්ධිකරණය කිරිම.
  • වෙළඳසැල් වෙත භාණ්ඩ ලබාගැනිමෙන් පසුව එම බිල්පත් ගිණුම් අංශය සමග සම්බන්ධතාවයෙන් යුතුව අදාල ආයතන වෙත නිරවුල් කිරිම.
  • වෙළඳසැල් වෙතින් භාණ්ඩ ඉල්ලුම් කිරිමේදි අලෙවිය පිළිබඳ සමික්‍ෂණයකින් අනතුරුව භාණ්ඩ සැපයිම.
  • එම භාණ්ඩ අදාල වෙළදසැල් වෙත ප්‍රවාහණය කිරිම සම්බන්ධිකරණය.
  • වෙළඳසැල් වෙතින් භාණ්ඩ ඉල්ලුම් කිරිමේදි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රුචිකත්වය සහ අවශ්‍යතාවය පරිදි පමණක් භාණ්ඩ ඉල්ලුම් කිරිම සැබදිව අධික්‍ෂණය කිරිම.
  • වෙළඳසැල් සබැදි සියලු කටයුතු පිළිබඳ කඳවුරු ආශිත කරගනිමින් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • යුද්ධ හමුදා ආයතන වෙත ණය පදනම මත භාණ්ඩ/විදුලි උපකරණ ලබාදිම.

විදුලි උපකරණ/භාණ්ඩ ලබාගනු ලබන ආයතන විස්තරය

2 සිංගර් අයතනය  විදුලි උපකරණ/පරිගණක/ජංගම දුරකථන/බල මෙවලම් 
3 මෙරිට් වර්ල්ඩ් ආයතනය පවර් ටුල්ස්
4 සම්පත් සෝෆා ආයතනය ගෘහ භාණ්ඩ
5 සිංහගිරි ආයතනය විදුලි උපකරණ 
6 ජැට් හෝල්ඩින් ආයතනය  සියළු තීන්ත වර්ග
7 ඉන්සි සංස්ථා සිමෙන්ති ආයතනය සිමෙන්ති
8 සොෆ්ට්ලොජික් ආයතනය ජංගම දුරකථන/විදුලි උපකරණ/පරිඝනක
9 ඔරේන්ජ් ආයතනය වයරින් උපකරණ
10 එස්ලෝන් ආයතනය  ජලනල උපාංග 

විශේෂ වට්ටම් සහිතව ගොඩනැගිලි දුව්‍ය ලබාදිම

අනු අංකය ආයතනය ලබාදෙනු ලබන සේවාව
1 සංස්ථා සිමෙන්ති ආයතනය සිමෙන්ති
2 ඔරේන්ජ් ආයතනය වයරින් උපකරණ 
3 ජැට් හෝල්ඩින් ආයතනය තීන්ත වර්ග
5 එස්ලෝන් ආයතනය ජලනල උපංග 

යුද්ධ හමුදා ආයතන සදහා පහසුගෙවිමේ පදනම මත විදුලි උපකරණ/භාණ්ඩ ලබාදිම

අරමුණ

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට අයත් ආයතනවල පරිපාලනවල කටයතු විධිමත් කිරිමේ හා නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු වැඩි දියුණු කිරිමේ අරමුණින් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සියලු යුද්ධ හමුදා ආයතන සඳහා ආයතනික අරමුදල් මගින් පහසුගෙවිමේ පදනම මත විදුලි උපකරණ හා පරිගණක ලබාදිම.

ප්‍රතිපත්ති

යුද්ධ හමුදා ආයතන සඳහා පහසුගෙවිමේ පදනම මත ලබාදිය හැකි මුදල්මය වටිනාකම සීමාව පහත සඳහන් පරිදි වේ.

  • ශාඛා/අම/ආසේමු/සේමු රු. 1,000,000.00
  • බසේමු/රෙම/පුහුනු පාසල් රු. 750,000.00
  • ඒකක රු. 50,000.00

ලබා ගන්නා ලද භාණ්ඩ වටිනාකම සඳහා 5% ක පොලියක් අයකරනු ලබන අතර, භාණ්ඩ පිරිවැය හා පොලි මුදල සමාන මාසික වාරික 24 කින් නැවත ගෙවා අවසන් කලයුතු වේ.