Header Sinhala

හැඳින්වීම

රාජකාරියේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරී හා සෙසු නිලයින්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයවලුන්ගේ සුභසාධනය තුලින් ජීවන තත්ත්වය ඉහල නැංවීමේ පරමාර්ථය පෙරදැරිව 1989 මැයි මස 23 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක සංගමය පිහිටුවා ඇත. යුද්ධ හමුදාවේ ව්‍යාප්තිය සමග මෙය යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය නමින් 1994 අප්‍රේල් මස 30 දින සිට නැවත නම් කර ඇත.

සියලුම යුද්ධ හමුදා නිලධාරී හා සෙසුනිලයින්ට හිමි විය යුතු සුභසාධක පහසුකම් විධිමත්ව සහ ක්‍රමවත්ව සිදුවීම අධීක්ෂණය කිරීම සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වේ.