Header Sinhala

විදේශ සංචාර රක්‍ෂණය

විදේශ සංචාර රක්‍ෂණාවරණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සක්‍රීය සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින් හට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවීමක දී විදේශ ගතවන කාලසීමාව පමණක් ආවරණය වන පරිදි රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් වෙතින් විදේශ සංචාර රක්‍ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර, ඒ වෙනුවෙන් යුද්ධ හමුදා රක්‍ෂණ වැය ශීර්ෂය මගින් වෙන්කර ඇති ප්‍රථිපාදනයන් වෙතින් වැයදැරීම සිදුකරයි.

විදේශ සංචාර රක්‍ෂණාවරණයක් ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කළයුතු ලියකියවිලි.

  • ආරක්‍ෂක අමාත්‍යාංශ ලිපිය
  • ගුවන් ගමන් බලපත්‍ර පිටපත
  • ගුවන් ගමන් කාල සටහන පිටපත
  • පුහුණුඅම/ක්‍රීඩාඅම වෙතින් රක්‍ෂණාවරණය ඉල්ලුම් කරන ලද ලිපිය.

රක්‍ෂණ ප්‍රථිලාභ ලබා ගැනීම.

රක්‍ෂිතයා වෙත නිකුත් කර ඇති රක්‍ෂණ ඔප්පුවෙහි සඳහන් ප්‍රථිලාභයන් ඔවුන් ගමන් ගන්නා රටේදීම ලබා ගැනීමේ හැකියාව ඇත.