කාර්යය භාරය
- යුද්ධ හමුදාවේ සියලුම නිලධාරින් /සෙසුනිලයින් සුභසාධක සංගමයේ සාමාජිකත්වය පිහිටවීම.
- සක්රිය සේවයේ නියුතු නිලධාරින් /සෙසුනිලයින් සදහා ණය පහසුකම් ලබාදීම.
- පනාගොඩ, අනුරාධපුර, නුවර, අම්පාර, දියතලාව, මින්නේරිය සහ බුස්ස යන ස්ථාන වල සුභ සාධක වෙළදසැල් පවත්වාගෙන යාම.
- යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන් රජයේ පාසල් සහ ආරක්ෂක විද්යාල වෙත ඇතුලත් කිරීම සදහා තෝරා ගැනීම.
- පහසු ගෙවීම මත භාණ්ඩ ලබා දීම.
- සුවසහන අරමුදල පවත්වාගෙන යාම සහ එහි ප්රතිලාභ සාමාජිකයින් වෙත ලබාදීම.
- කතරගම යුහ නිවාඩු නිකේතන පහසුකම් ලබාදීම.
- යුද්ධ හමුදාවේ සියලු ආයතන වෙත පුවත්පත් ප්රතිපාදන වෙන් කිරීම්.
- සුභසාධක බස් රථ සේවාව පවත්වාගෙන යාම.
- නීති ආධාර ලබාදීම
- මරණාධාර මුදල් ප්රතිපුරනය කිරීම.
- යුද්ධ හමුදාවේ සියලු ආයතන වෙත දිනපොත් දින දර්ශන බෙදා හරිම.
- රක්ෂණ යෝජනා ක්රමය යටතේ සාමාජිකයින්ට ප්රතිලාභ හිමි ගැන්වීම හා විශේෂ රාක්ෂනාවරණ ලබා දීම.
- සුභසාධක භාණ්ඩ ලබාදීම (දාම් බෝඩ්/ දාට් බෝඩ්/කැරම් බෝඩ්/ චෙස් බෝඩ්)
- යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාලාත්රයන් රජයේ රැකියාවල නිරතවන විටදී සේවා ස්ථාන මාරුවීම් ලබා ගැනීම සදහා ඉල්ලීම පරිදි ප්රමුඛතා ලිපි ඉදිරිපත් කිරීම .