Header Sinhala

කතරගම නිවාඩු නිකේතනය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සුභසාධක නිවාඩු නිකේතනය - කතරගම

අරමුණ

කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනය යුද්ධ හමුදාවේ නිළධාරින්, සෙසු නිලයින් හා යුද්ධ හමුදා විශ්‍රාමිකයින් හා සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල ලගම ඥාතින් කතරගම ප්‍රදේශයේ සංචාරය කිරිමේදි හා යුද්ධ හමුදා අවශ්‍යතා වලදි අවශ්‍ය නවාතැන් පහසුකම් සහනදායි මිලකට ලබාදිම.

  1. කතරගම නිවාඩු නිකේතනයේ කාමර වෙන් කිරිම
    1. සක්‍රිය සේවයේ සිටින නිලධාරින් හා සෙසුනිලයින් හට උපරිම කාමර 03 ක් දින 02 කට සඳහා හා විහ්‍රාමික නිලධාරි හා සෙසුනිලයින් හට උපරිම කාමර 02 ක් දින 02 කට ලබාගත හැක.
    2. යුද්ධ හමුදා නිවාඩු නිකේතනය කතරගම හි නවාතැන් පහසුකම් ඉල්ලුම් කිරිමේදි කල්වේලා ඇතුව මෙම අම පහත සඳහන් දුරකථන අංක අමතා අවශ්‍යතාවය පරිදි කාමර පහසුකම් තාවකාලිකව වෙන්කර ගත යුතුය.

      ජංගම දුරකථන අංකය :- 076 9928878

      කාර්යාල දුරකථන අංකය :-0112514992

      යුහ දිගුව :- 51241/51242

    3. සක්‍රිය සේවයේ යෙදි සිටින සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් ඉහත උපදෙස් පරිදි ක්‍රියා කිරිමෙන් පසු ඔවුන්ගේ රාජකාරි ස්ථාන වෙතින් ලිපි/සංඥා මගින් ලිඛිතව මෙම අම වෙත දැනුම් දි සනාථ කර ගත යුතුය.
    4. විශ්‍රාමික හෝ මියගිය යුද්ධ හමුදාධිපතිවරුන්ගේ කලාත්‍රයා විසින් හලේකා සමග සම්බන්ධතාවයෙන් යුතුව වෙන් කර ගත යුතුය.
    5. විශ්‍රාමික නිලධාරි කාමර පහසුකම් දුරකථනය මගින් මෙම අම වෙතින් තාවකාලිකව වෙන්කර තම රෙජිමේන්තුව වෙතින් ලිබිතව ලිපි/සංඥා මගින් මෙම අම වෙතින් ඉල්ලුම් කල යුතුය.
    6. විශ්‍රාම ලබා ඇති සෙසු නිළයින් හා මියගිය සෙසු නිළයින්ගේ කලාත්‍රයා විසින් දුරකථනය මගින් තාවකාලිකව වෙන්කර ගැනිමෙන් පසු තම රෙජිමේන්තුව මගින් විජෙශා අනුමැතිය මත ඉල්ලුම් කල යුතුය.
    7. සක්‍රිය සේවයේ සිටින නිලධාරි හා සෙසුනිලයින් හට උපරිම දින දෙකකට යටත්ව කාමර 03 බැගින් ලබාදෙනු ලබන අතර, විශ්‍රාමික නිලධාරි හා සෙසුනිලයින් හට උපරිම දින දෙකකට යටත්ව කාමර 02 බැගින් ලබාදෙනු ලබයි
    8. කාමර ගාස්තු පහත සඳහන් පරිදි වේ.

      නිලධාරි

      එක් කාමරයක් සඳහා දිනක        ගාස්තු රු:

      එක් දිනක් සඳහා හිමි කාමර ගණන

      රාජකාරි නියුතු

      විශ්‍රාම

      මේජර් ජෙනරාල්/බ්‍රිගේඩියර්

      1000.00

      03

      02

      කර්නල්/ලුත්තන් කර්නල්

      800.00

      මේජර් සිට 2/ලුතිතන් දක්වා

      600.00


      සෙසුනිල

      එක් කාමරයක් සඳහා දිනක        ගාස්තු රු:

      එක් දිනක් සඳහා හිමි කාමර ගණන

      රාජකාරි නියුතු

      විශ්‍රාම

      බනි 1/ බනි 11

      600.00

      03

      02

      මාණ්ඩලික සැරයන්/සැරයන්

      400.00

      කෝප්‍රල් සිට පහලට

      400.00

      ස්ථිර සිවිල් සේවක අයවලුන්

      400.00

      02

      -

    9. කාමර පහසුකම් වෙන් කිරිමෙන් පසු එම කාමර සඳහා අයකරනු ලබන මුදල් මෙම අම වෙතින් පවත්වා ගෙන යනු ලබන පහත සඳහන් ගිණුම් අංකය වෙත මුදල් බැරකර එම රිසිට්පත මෙම අම විද්‍යුත් ලිපිනය වෙත හෝ පහත වට්ස්ඇප් අංකය වෙත ඉදිරිපත් කල යුතුය.

      ගිණුම් අංකය :- 204100160003138

      විද්‍යුත් ලිපිනය :- dwelfare@army.lk , ledgerwel@gmail.com

      වට්ස්ඇප් අංකය :- 0769928878

  2. කාමර පහසුකම් වෙන් කිරිමෙන් පසු අවලංගු කිරිමේ ක්‍රමවේදය
  3. වෙන් කරවා ගැනිමක් අවලංගු කර ගැනිම සඳහා ලැගුම් ගැනිමට නියමිත දිනට පැය 48 කට පෙර අවලංගු කිරීම සනාථ කර ගත යුතු අතර, එසේ නොකරන්නේ නියමිත කාමර ගස්තුවෙන් 50% ක අයකර ගනු ලබයි.