Header Sinhala

රියදුරු සහන අරමුදල

යුද්ධ හමුදා රියදුරු සහන අරමුදල යුද්ධ හමුදා රියදුරන් අතින් සිදුවන හදිසි අනතුරු වෙනුවෙන් තුන්වන පාර්ෂවයට වාහනයට හා මගීන්ට සිදුවන හනි වෙනුවෙන් යම් වන්දි මුදලක් ගෙවිමට සිදුවුව හොත් එම මුදල ආවරණය කර ගැනිම සඳහා මෙම අරමුදල ක්‍රියාත්මක කර ඇත. පිළිගත් රියදුරු බලපත් හිමි යුද්ධ හමුදා රියදුරන් හට වාර්ෂිකව රු 700.00 ක මුදලක් තැන්පත් කිරිමෙන් සාමාජිකත්වය ලබාගත හැක. මෙහිදි වර්ෂයක් වෙනුවෙන් උපරිම රු: 300,000.00 යටත්ව වන්දි ඉල්ලුම්කල හැක.

ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම සඳහා අදාල රිය අනතුර වෙනුවෙන් පවත්වනු ලබන මුපඋ හී නිගමනයට අදාල රියදුරා රියදුරු සහන අරමුදලෙහි එම වර්ෂයට සාමාජිකත්වය ලබා ඇති බැව් හා ප්‍රතිලාභ ලැබිබට හිමිකම් ඇති බැව් ඇතුලත්ව තිබිය යුතුය.